ගාසා තීරයේ, ඊජිප්තු දේශසීමාවට ආසන්නයේ පිහිටි, රෆා නගරයට ඊශ්‍රායල හමුදා පහර දීම ආරම්භ කර තිබේ.
රෆා නගරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර නැවැත්විය හැක්කේ ඇමෙරිකාවට පමණක් බව පලස්තීන පාලන අධිකාරියේ ජනාධිපති ලෙස කටයුතු කරන මොහොමඩ් අබ්බාස් පවසයි.
රෆා නගරයට පහර දීමෙන් වළකින්නැයි ඊශ්‍රායලයට බල කරන ලෙසත්, නගරයේ සිටින පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙසත්, පලස්තීන ජනාධිපති අබ්බාස් ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට පහර දීම ආරම්භ කළේ උතුරු දෙසිනි. ප්‍රහාර හමුවේ පණ බේරාගත් පලස්තීන වැසියන් ආරක්ෂාව පතා ගියේ දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයටය. ගාසා වැසියෝ මිලියනයක් පමණ මේ වනවිට රෆා නගරයේ රැඳී සිටිති.
(ඒ.එෆ්.පී.)