ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවෝ 17 ක් මරුට


ගාසා තීරයේ අවතැන් වූවන් රැඳී සිටින කඳවුරකටත්, තුවාලකරුවන් ප්‍රතිකාර ලබන රෝහලයකටත් ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල කළේය.

එම ප්‍රහාරයෙන් 17 දෙනකු මියගිය බවත්, ඒ අතරේ කුඩා දරුවන් ද සිටින බවත් පැවැසෙයි.

ඊශ්‍රායල හමුදා දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ 45,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පැවැසෙයි. එයින් වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන්ය.