ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ මෙම කැබිනට්ටුවය.
විපක්ෂ දේශපාලන නායකයෝ ද ඊශ්‍රායග අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ රජයට සහාය පළ කරමින් මෙම යුද කැබිනට්ටුවට එක් වී සිටිති. කෙසේ නමුත් දිනෙන් දින දිග් ගැස්සෙන ඊශ්‍රායල හමාස් යුද්ධය හේතුවෙන් යුද කැබිනට් මණ්ඩලේ ද බෙදීමක් පෙන්නුම් කරන අතර, මත ගැටුම් හේතුවෙන් තමන් සහ තම දේශපාලන කණ්ඩායම් එයින් ඉවත් වීමට තීරණය කර ඇතැයි විපක්ෂ නායක බෙනී ග්‍රාන්ට්ස් පැහැදිලි කර තිබේ.
(අල් ජසීරා)