ඊශ්රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ලබන පෙබරවාරි දෙවැනිදා අවසන් වීමට නියමිතව තිබුණත්, එය තවත් දීර්ඝ කිරීමට ඊශ්රායල රජය මෙන්ම හිස්බුල්ලා සංවිධානය ද කැමැත්ත පළ කර ඇත.
ඊශ්රායල හිස්බුල්ලා සටන් විරාමය සාර්ථක කර ගැනීමට ලෙබනන් රජයට ඇමෙරිකාවේ සහාය හිමිවෙයි. ලෙබනන් අගමැති නජීබ් මිකාටි පවසා ඇත්තේ නව එකඟතාව අනුව, සටන් විරාමය සහ සාම වැඩසටහන පෙබරවාරි 18 දක්වා දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය කැමැත්ත පළ කළ බවය.
ඊශ්රායලය හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කර ගත්තේ, ඊශ්රායල හමාස් ගැටුමේ දිගුවක් ලෙසය. හිස්බුල්ලා යනු ඉරාන හිතවාදී සටන්කාමී සංවිධානයක් වන අතර, ගාසා හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සංවිධානයේ සහාය හිමිවෙයි.
(ඒ.එෆ්.පී.)