ඊශ්‍රායලය ගාසා තීරය අමතක කරලා නෑ


ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හවුති ඉලක්කවලට පහර දෙන අතරතුරේ, ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ද පහර දෙන බව වාර්තා වේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මේවනවිට 41,595 ක් මියගොස් ඇති බවත්, 96,251 ක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල හමුදා මෙසේ ගාසා තීරයට පහර දෙන්නේ, ගාසා හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපකරුවන් ලෙස ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි දෙනකු හමාස් ග්‍රහණයේ සිටින අවස්ථාවකය.

(අල් ජසීරා)