ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලය ජාත්‍යන්තර යුද නීති උල්ලංගනය කරනවා විය හැකි යැයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඬේවිඞ් කැමරන් පවසයි.
ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, මහා බ්‍රිතාන්‍යය ද කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය දෙයි.
ඊශ්‍රායලය ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කරනවා විය හැනි යැයි කැමරන් පැවැසුවේ, ඊශ්‍රායල හමුදා, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයට පහර දීම ආරම්භ කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීනුවන් 23,000 කට වඩා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය.
ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 59,000 කි.