උතුරු කොරියාව, ජපානයට අනතුරක් වන ආකාරයට කෙටි දුර බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බැලුවේය.
මිසයිල අත්හදා බැලීම සිදුවූයේ උතුරු කොරියාවේ වේලාවන් අද උදේ 8 ට පමණ යැයි ද පැවැසෙයි.
පළමු මිසයිලය අත්හදා බැලීමෙන් පසු මිනිත්තු කීපයක් ඇතුළත දෙවැනි සහ තෙවැනි මිසයිල අත්හදා බැලීම සිදුවිය.
මිසයිල කිලෝ මීටර් 100 කට වැඩි දුරක් ඇදී ආ බවත්, ඒවා ජපාන මූදට පතිත වූ බවත් පැවැසෙයි.
ජපානය දෙසට මිසයිල විදීම සිදුවුණු සැණින්, ජපාන හමුදාව සීරුවෙන් පසුවිය. කෙසේ නමුත් මිසයිල අත්හදා බැලීමෙන් කාටවත් අනතුරක් සිදු නොවිණි.
(රොයිටර්)