උතුරු කොරියානුවන් අතරේ යළිත් උණක්


උතුරු කොරියානුවන් අතරේ යළිත් වරක් උණ රෝගයක් පැතිර යමිනස් පවතින බව වාර්තා වේ. එම උණ වසංගතය හේතුවෙන් නගර සහ පළාත් රැසක් ‘ලොක්ඩවුන්’ කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

කෙසේ නමුත්, ව්‍යාප්ත වන්නේ ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගී තත්ත්වයක් සෞඛ්‍ය අංශ තහවුරු කිරීමත් සමග එම ‘ලොක්ඩවුන්’ නියෝග අහෝසි කෙරුණි.

පසුගිය අප්‍රේල් මාසයේ ද උතුරු කොරියාව පුරා උණ වසංගතයක් පැතිර ගිය අතර, සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ එය ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය බවය.

මැයි මාසය වනවිට ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වසංගත තත්ත්වය උත්සන්න වූ අතර පසුව එය කෙමෙන් පහව ගියේය. ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වසංගතය අවසන් වෙද්දී මිලියන 4.8 ක් රෝගී වූහ. මියගිය ගණන 74 කි.

නව උණ රෝගය ‘කොවිඩ් 19’ යැයි සිතූ උතුරු කොරියානු සෞඛ්‍ය අංශ පළාත් සහ නගර රැසක් ලොක්ඩවුන් කළ නමුත් එය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් බව තහවුරු වීමෙන් පසු එම ලොක්ඩවුන් තත්ත්වය අවසන් කෙරුණි.

(රොයිටර්)