උතුරු කොරියාව ප්‍රබල මිසයිලයක් අත්හදා බලයි


උතුරු කොරියාව ප්‍රබල බලැස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය. යුද ශීර්ෂයක් ද සවි කළ හැකි මෙම බැලැස්ටික් මිසයිලය ‘වාසොංග් 15’ යනුවෙන් නම් කර ඇත. 

බලැස්ටික් මිසයිලයක් යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිලයකි. උතුරු කොරියා හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මිසයිල අත්හදා බැලීම සාර්ථක බවත්, ‘වාසොංග් 15’ මිසයිලය යොදා ගනිමින් ඇමෙරිකාවට පවා ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාව ඇති බවත්ය. 

උතුරු කොරියන් හමුදාව ‘වාසොංග් 15’ මිසයිලය අත්හදා බැලුවේ එය එරට නැගෙනහිර වෙරළ තීරයේ සිට ජපන් මුහුද දෙසට විදීමෙනි. උතුරු කොරියාවේ මෙම මිසයිල අත්හදා බැලීම ජපානයටත් දකුණු කොරියාවටත් තර්ජනයක් වූ බව ද පැවැසෙයි. මිසයිලය අත්හදා බැලීම අධීක්ෂණයට, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ද එක් වී සිටි බව පැවැසෙයි. 

 (ඒ.එෆ්.පී.)