උතුරු කොරියාව සමඟ පැවැති සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට තීරණය කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
නැගෙනහිර යුක්රේනයේ රුසියන් හිතවාදීන් සහ බෙදුම්වාදීන් බහුගව වෙසෙන ඩොනෙක්ස්ක් සහ ලූහාන්ස්ක් යන පළාත් යුක්රේනයෙන් වෙන් වී වෙනම රාජ්‍යයන් බවට පත් වී සිටී. ඩොනෙක්ස්ක් සහ ලූහාන්ස්ක් පාලනයට රුසියාවේ සහාය නොඅඩුව ලැබේ.
රුසියාවේ සමීපතම මිතුරකු වන උතුරු කොරියාව නිවේදනය කර ඇත්තේ තමන් ඩොනෙක්ස්ක් සහ ලූහාන්ස්ක් වෙනම රාජ්‍යයන් ලෙස පිළිගන්නා බවය.මේ වනවිට ඉරානය ද ඇතුළු රටවල් කීපයක් ඩොනෙක්ස්ක් සහ ලූහාන්ස්ක් වෙනම රාජ්‍යයන් ලෙස පිළිගැනීමට ඉදිරිපත් වී සිටී.
උතුරු කොරියා රජය ගත් තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධය පළ කරන බවත්, යුක්රේනය සහ උතුරු කොරියාව අතරේ පැවැති සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඒ අනුව අවසන් වන බවත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.
(රොයිටර්)