උතුරු කොරියාව පළමු වරට, 'ඝන ඉන්ධන' භාවිතයෙන් නිර්මාණය කළ දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය.
මෙම බැලස්ටික් මිසයිලය අත්හදා බැලීමේ අවස්ථාවට උතුරු කොරියානු ජනාධිපතිවරයා, ඔහුගේ දියණිය, බිරිඳ සහ නැගණිය ද පැමිණ තිබීම විශේෂත්වයකි.
උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ 2016 දී රහසිගතව මෙම මිසයිලයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වූ බවත්, එය උතුරු කොරියාවේ යුදමය වශයෙන් සාර්ථක ඉදිරි පියවරක් බවත්ය.
ඝන ඉන්ධන භාවිතයෙන් මිසයිලයේ වේගය වැඩි වන අතර, එයට පහසුවෙන් නියමිත ඉලක්කයට ළං විය හැක.
(රොයිටර්)