උප ජනපතිනියගේ සැමියා ආරක්ෂිත ස්ථානයකට


විශේෂ උත්සවයකට සහභාගී වෙමින් සිටිද්දී, බෝම්බ බියක් හේතුවෙන්, ඇමෙරිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ සැමියා ඩග්ලස් එමෝෆ් වහා ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

ඩග්ලස් එමෝෆ් සහභාගී වෙමින් සිටියේ, වොෂින්ටනයේ උසස් පාසලක පැවැති අප්‍රිකානු ඇමෙරිකානු සංස්කෘතික උළෙලකටය.

පාසලේ බෝම්බයක් ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරක් ලැබීමත් සමඟ ආරක්ෂක අංශ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී, ඩග්ලස් එමෝෆ් ඔහු සිටි ශාලාවෙන් ඉවතට රැගෙන ගිය බවත් පාසලේ සිසු සිසුවියන් ඇතුළු සියලු දෙනා ද ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බ නිෂ්ක්‍රීය අංශ සාමාජිකයන් පැමිණ පාසල සෝදිසි කළ නමුත් ඔවුන්ට කිසිදු සැකකටයුතු යමක් හමුනොවුණු බව ඇමෙරිකන් මාධ්‍ය පසුව පැවැසීය.

(රොයිටර්)