එක්වදෝරය සහ පේරු යන රටවල් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹී ගියේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවෙන් එක්වදෝරයේ 14 දෙනකු ද පේරු රාජ්‍යයේ එක් අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බවය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළේය. භූමි කම්පාවෙන් වැඩියෙන්ම හානි සිදුවූයේ එක්වදෝරයේ වෙරළබඩ ගුආයාස් පළාතටය. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය.
(රොයිටර්)