එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අගහරු වෙතට යානයක් යවයි


 
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථම වරට අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අද (20) රොකට් යානාවක් අභ්‍යාවකාශ ගත කෙරිණි.

එම ගවේෂණ යානය රැගත් h 2 a රොකට්ටුව අභ්‍යවකාශ ගත කෙරුණේ ජපානයේ ටැනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.
 
අඟහරු ග්‍රහයා බලා කිලෝමීටර් මිලියන 500 ක චාරිකාවක නිරත එම යානය අඟහරු ග්‍රහායාගේ කාලගුණ සහ දේශගුණික තත්ත්වයන් අධ්‍යනය කිරීමට නියමිත යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ බලධාරීන් කියා සිටිති.

පසුගිය සතියේ එම යානය අභ්‍යවකාශ ගත කිරීමට අවස්ථා දෙකකදී උත්සහ කළද අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක විය.“හෝප්” ලෙස හඳුන්වන මෙම යානය 2021 පෙබරවාරී මාසයේදී අඟහරු ග්‍රහයා වෙත ළඟා වීමට නියමිත ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිහිටුවීමේ 50 වන සංවත්සරයට සමගාමීව එය අභ්‍යවකාශ ගත කෙරිණි.මේ මාසය තුළදී අඟහරු ගවේෂණ මෙහෙයුම් තුනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
 
අනෙක් මෙහෙයුම් දෙක ක්‍රියාත්මක කරනු ලබන්නේ අමෙරිකාව සහ චීනයයි.
 
අභ්‍යවකාශ යානා නිර්මාණය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යට ඇති අත්දැකීම් සීමිතව තිබියදී මෙවැන්නක් සිදු කිරීම සුවිශේෂී සිද්ධියක් වේ.
 
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි

(125)