අසර්බයිජාන හමුදා ප්‍රහාර හමුවේ ‘නගොර්නෝ කරබාක්’ පළාතෙන් පලා යන දහස් ගණනක් ආමේනියානු වාර්ගික වැසියන්ට අවශ්‍ය සහාය සහ ආරක්ෂාව ලබා දීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ඉදිරිපත් වී සිටී.
සාම හමුදා සෙබළුන් ද සමඟ එම කණ්ඩායම ‘නගොර්නෝ කරබාක්’ පළාතට පැමිණි බවත්, ඔවුන්ට නායකත්වය දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයෙකු බවත් පැවැසෙයි. එක්සත් ජාතීන්ගේ නියෝජිකතයන් කණ්ඩායමක් මේ අයුරින් ‘නගොර්නෝ කරබාක්’ පළාතට පැමිණියේ වසර 30 කට පසුවය.
‘නගොර්නෝ කරබාක්’ යනු අසර්බයිජානයත්, ආමේනියාවත් අයිතිය ඉල්ලන පළාතකි. මෙම පළාත ආමේනියානු වාර්ගික වැසියන්ගේ නිජබිම ලෙස සැලකෙයි. කෙසේ නමුත් මේ වනවිට අසර්බයිජාන හමුදා ‘නගොර්නෝ කරබාක්’ පළාතේ ප්‍රදේශ රැසක් අල්ලාගෙන තිබේ. ඒ අනුව, වාර්ගික ආමේනියානු වැසියන්ගෙන් සියයට 80 ක පිරිසක් ආමේනියාව බලා පලාගොස් ඇතැයි ද වාර්තා වේ.