ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ මහා පරිමාණයේ ව්‍යාපාරික සමාගම්වල සේවක සේවිකාවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත අනිවාර්ය කිරීමට ජනාධිපති ජෝ බයිඩන් ගත් උත්සාහය අසාර්ථක විය. ඒ, ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට විරෝධය දැක්වූ බැවිනි.
ප්‍රධාන පෙළේ ඇමෙරිකන් සමාගම්වල සේවක සේවිකාවන් එන්නත් ලබා නොගන්නේ නම්, ඔවුන්ට මුහුණු ආවරණ අනිවාර්ය බවත්, සතියකට වරක් 'කොවිඩ් 19' පරීක්ෂණයකට යොමු විය යුතු බවත් බයිඩන් පරිපාලනය හඳුන්වා දීමට සැරැසුණු නව නීතිවල සඳහන් විය.
එන්නත් අනිවාර්ය කිරීමේ නීතියට විරෝධය පළ කරමින් ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ, බයිඩන් පරිපාලනයට එසේ නීති සකස් කිරීමට අයිතියක් නොමැති බවය.
කෙසේ නමුත්, රජයේ සෞඛ්‍ය අංශ සාමාජිකයන්ට 'කොවිඩ් 19' එන්නත අනිවාර්ය කිරීමට බයිඩන් පරිපාලනය සකස් කළ නව නීතිවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිවිය.
'මා විශ්වාස කරන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගනිමින් වයිරස වසංගතයෙන් ආරක්ෂා වීම වැදගත් බවය. ජීවිත රැක ගනිමින්, රට ඉදිරියට ගෙන යෑමට එන්නත් ලබා ගැනීම වැදගත් යැයි මා විශ්වාස කරනවා. ප්‍රමුඛ පෙළේ විශාල සමාගම්වලට එන්නත් අනිවාර්ය කිරීමට උත්සාහ ගත්තේ ඒ නිසයි. ඒත් ඒ උත්සාහය අසාර්ථක වීම කනගාටුවක්" යැයි ජනාධිපති ජෝ බයිඩන් පසුව පැවැසුවේය.
විවිධාකාරයේ අර්බුද හේතුවෙන්, ජනාධිපති ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය මේ වනවිට පහළ ගොස් ඇති බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. එයින් එක් අර්බුදයක් වන්නේ 'කොවිඩ් 19" වසංගතයයි. තවමත් ලොව 'කොවිඩ් 19" අතින් ඉදිරියෙන්ම පසුවන්නේ ඇමෙරිකාවය.
(රොයිටර්)