රජය විදේසවලින් මිලදී ගෙන නොමිලේ ලබා දෙන 'කොවිඩ් 19' ප්‍රතිශක්ති එන්නත් ප්‍රතික්ෂේප කරන සිංගප්පූරු වැසියන්, 'කොවිඩ් 19' ආසාදනය වී රෝහල්ගත වන්නේ නම්, රෝහල් බිල ඔවුන් විසින් ගෙවිය යුතු යැයි සිංගප්පූරු රජය නව නීතියක් හඳුන්වා දී ඇත.
මෙම නව නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේ ලබන දෙසැම්බර් 8 වැනිදා සිටය.
මේ වනවිට සෑම සිංගප්පූරු වැසියකුම සඳහා 'කොවිඩ් 19' ආසාදනය වී රෝහල්ගතවීමේදී සියලු බරපැන දරන්නේ රජයයි. ඒ, රජය හඳුන්වා දී ඇති 'මෙඩිසේව්' සහ 'මෙඩිකෙයාර්' රක්ෂක ක්‍රමවේද හරහාය. විදේශවල සිට සිංගප්පූරුවට යළි පැමිණෙන සිංගප්පූරු වැසියන් ආසාදිතයන් වුවත්, ඔවුන් රෝහල්ගතවීමේ දී බරපැන දරන්නේ ද රජයයි.
සිංගප්පූරුවේ 12 වැඩි සැමට එන්නත් ලබා දීම සිදුවන අතර, එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන සිංගප්පූරු වැසියෝ ද සිටිති.
'එන්නත්කරණ වැඩසටහනේ ඇති වැදගත්කම තේරුම් නොගත් බොහෝ දෙනකු සිටිනවා. ඔවුන් එන්නත් ලබා ගැනීමට උනන්දු වන්නේ නැහැ. කොරෝනා ආසාදිතයන් රැක බලා ගැනීමට ලොකු වියදමක් දැරීමට රජයට සිදුවෙනවා. එන්නත් ලබා ගෙන ඇති නම් බොහෝ දෙනකුට රෝහල්ගත නොවීමට එය හේතුවක් වෙනවා. රෝගීන් ඉහළ ගොස් රෝහල් ධාරිතාව පිරී යෑම සෞඛ්‍ය ක්ෂේත්‍රයට දරා ගැනීම අසීරුයි. මෙම නව නීතිය හඳුන්වා දෙන්නේ ඒ නිසයි' යැයි සිංගප්පූරු සෞඛ්‍ය ඇමැති ඔංග් යේ කංග් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
(ඒ.ඒෆ්.පී.)