පූර්ණ එන්නත්කරණයට ලක්වුණු විදෙස් සංචාරකයන්ට, නිරෝධායනයකින් තොරව, සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දෙන බව සිංගප්පූරු බලධාරීහු පවසති.
මේ වනවිට 'කොවිඩ් 19' සමඟ නව සාමාන්‍යකරණයක් යටතේ ජීවත් වීමට සිංගප්පූරුව යොමු වී ඇත. සිංගප්පූරු වැසියන් ද සියයට 80 කට වඩා පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇත.
දිගටම දේශසීමා වසා දැමීම කළ නොහැකි බවත්, ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට දේශසීමා විවෘත කළ යුතු බවත් සිංගප්පූරු බලධාරීන් අවධාරණය කර තිබේ. විදෙස් සංචාරකයන් සඳහා දේශසීමා විවෘත කෙරෙන්නේ ඒ අනුවය.
විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සිදුවන්නේ ද අදියර කීපයක් යටතේ බව සිංගප්පූරු සංචාරක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පළමුවෙන් ජර්මනිය, බෲනායි ආදී රටවල සංචාරකයන්ට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර හිමිවුණු අතර, දැන් බ්‍රිතාන්‍ය, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ ඇමෙරිකාවට සිංගප්පූරුව විවෘත කෙරෙනු ඇත. දකුණු කොරියානු සංචාරකයන් වෙනුවෙන් සිංගප්පූරුව විවෘත කෙරෙනු ඇත්තේ නොවැම්බර් 15 වැනිදායින් පසුවය.
(ඒ.එෆ්.පී.)