ඉතියෝපියාවේ ටයිග්‍රේ කළාපයේ සිට එරිත්‍රියාවේ අගනුවර වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ ප්‍රාදේශීය මාධ්‍ය පවසති.
ටයිග්‍රේ කළාපය පාලනය කරන කැරළිකාර කණ්ඩායමේ නායකයා ප්‍රහාරයේ වගකීම බාරගනිමින් කරමින් අද (15) ප්‍රකාශයක් නිකුත් කර ඇත.
සෙනසුරාදා (14) රාත්‍රියේ ඉතියෝපියාවේ සිට එරිත්‍රියාවේ අගනුවරට අවම වශයෙන් රොකට් ප්‍රහාර තුනක් එල්ලවී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි. එයින් රොකට් ප්‍රහාර දෙකක් අස්මාරා ගුවන් තොටුපලට වැටී ඇත.
ටයිග්‍රේ කළාපයේ කැරළි නායක ඩෙබ්‍රේෂන් මේ සමිබන්දව අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය දින කිහිපයේ තම හමුදා එරිත්‍රියාවේ පෙරමුණු කිහිපයක සටන් කරමින් සිටින බවයි.
කෙසේවුවද එරිත්‍රියාවේ රජය, තමන් සටන් සඳහා සම්බන්ද වී ඇති බව ප්‍රතික්ෂේප කර තිබේ.
එරිත්‍රියානු විදේශ අමාත්‍ය ඔස්මාන් සාලේ මොහොමඩ් මහතා පවසා ඇත්තේ "අපි ගැටුමේ කොටස්කරුවන් නොවේ", යනුවෙනි.
එරිත්‍රියාවේ විශාල ස්ථාවර හමුදාවක් සිටින අතර ඇමරිකානු සීඅයිඒ භටයන් 20,000 ක් පමණද ඔවුන්ගේ සහායට සිටිති.
බීබීසී ඇසුරිණි
085