රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කිරීම ඓතිහාසික තීන්දුවක් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
‘එය ඓතිහාසික තිරණයක් පමණක් නොවෙයි, ලෝකය වෙනුවෙන් වගකීම්සහගතව ගත් තීරණයක්’ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පෙන්වා දී ඇත.
මේ අතර, අන්තර් ජාතික අපරාධ අධිකරණය නිකුත් කළ වරෙන්තුව ‘වැසිකිලි කඩදාසියක්’ (ටොයිලට් පේපර්) යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය තුළ බලපැවැත්වෙන රෝම ප්‍රඥප්තියේ කිසිදු පාර්ශ්වකරුවකු නොවන බවත් ඒ යටතේ කිසිදු වගකීමක් ද තම රට නොදරන බවත් රුසියන් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
(රොයිටර්)