ඔක්ස්ෆර්ඩ් එන්නතට ලේ කැටි ගැසෙන්නේ නෑ


‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමේදී රුධිරය කැටි ගැසීමක් සිදුවන බව යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කරයි.

යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය වෛද්‍ය පර්යේෂකයන් මෙසේ පැහැදිලි කළේ ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසුවය.

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා ගැනීමෙන් පසු යුරෝපා රටවල් කිපයක මරණ වාර්තා විය. ඒ, රුධිර කැටි ගැසීම් නිසාය. ඒ අනුව යුරෝපා රටවල් කීපයක එන්නත ලබා දීම තාවකාලිකව නවතා දැමීම ද සිසුවිය.

යුරෝපා සංගමයට අයත් යුරෝපා රටවලට ලබා දීම සිදුවන්නේ ඉතාලියේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා එන්නතය.