ඔක්ස්ෆර්ඩ් මැලේරියා එන්නත සාර්ථකයි


මැලේරියාව මර්දනයට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඉන්දියාවේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම එක් වී නිපදවා ඇති එන්නත සාර්ථක යැයි පැවැසෙයි.

මෙම එන්නතේ සාර්ථකත්වය සියයට 77 ක් යැයි සේරම් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තවමත් සායනික අත්හදා බැලීම්වලට මෙම එන්නත යොදාගෙන නොමැති අතර ඉදිරියේ දී ඒ සදහා කටයුතු කිරීමට නියමිතව තිබේ.

එන්නතේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී එන්නත් මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට ද සේරම් ආයතනය සූදානම් වෙයි.

ඉදිරියේ දී එන්නත සම්බන්ධයෙන් සිදු කරන තෙවැනි අදියරේ සායනික පර්යේෂණ සදහා අප්‍රිකා රටවල දරුවන් 4,800 ක් යොදා ගැනිමට ද නියමිතය. මැලේරියාව අප්‍රිකා රටවල බහුලය. මැලේරියා වයිරසය බෝ වන්නේ මදුරුවන්ගෙනි.

(රොයිටර්)