ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් ද සමග අත්ලාන්තික් සාගර පතුලට යද්දී අතුරුදන් වුණු ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ තව පැය 3 කට පමණි. තවමත් සබ්මැරීනය සොයා ගැනීමට හැකි වී නැත.
සබ්මැරීනය පස් දෙනකු සමඟ අතුරුදන් වූයේ පසුගිය 19 වැනිදාය. එදා සිට මේ දක්වා පැය 24 පුරා සබ්මැරීනය සොයා මෙහෙයුම් සිදුවිය. ඒ, ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.
මේ මොහොතේ සබ්මැරීනය සොයා ගත්තත්, ඊට ළං වී පිරිස බේරා ගැනීම ගැටලුවක් වනු ඇතැයි පැවැසෙයි. ඊට හේතුව පීඩනය පිරුණු මුහුදු පතුලට යෑමත් ආපසු ඒමත් අසීරු බැවිනි.