ඔක්සිජන් ටැංකිවලට සහ ඒවා ප්‍රවාහනය කරන ලොරිවලට පොලිස් ආරක්ෂාව ලබාදීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.
සයිරන් නාද කරමින් පොලිස් ආරක්ෂාව යටතේ ඔක්සිජන් ටැංකියක් රැගත් ලොරියක් රෝහලකට පැමිණෙන දැක්වෙන ඡායරූප ද පළ වී තිබූ අතර එම රථය රෝහලට පැමිණීම වෛද්‍යවරුන්ගේත්, ‘කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ ඥාතීන්ටත් මහත් අස්වැසිල්ලට හේතු වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉන්දියාව තුළ දරුණු ඔක්සිජන් හිඟයක් නිර්මාණය වී තිබෙන අතර රෝහල්වලට ඔක්සිජන් සැපයීම කොවිඩ්-19 ආසාදිත අසාධ්‍ය රෝගීන්ගේ ජීවිතයත් මරණයත් තීරණය කරන සාධකයක් වී තිබේ.
මේ තත්ත්වය මත ඔක්සිජන් ටැංකිවලට ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇත.
ඊට අමතරව ඒවා ප්‍රවාහනය කරන රථවලට සහ ඔක්සිජන් නිෂ්පාදනය කරන බලාගාරවලට ද පොලිස් ආරක්ෂාව ලබාදීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇත.
නවදිල්ලියේ බටහිර දෙසට වන්නට පිහිටි රෝගීන් 110 දෙනකු පමණ සිටින ශාන්ති මුකාන්ද් රෝහලට ඇතුළු රෝගීන් කුඩා සංඛ්‍යාවක් සිටින රෝහල්වලට පවා ඔක්සිජන් හිඟ වී ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීහු පමණක් නොව ඔවුන්ගේ ඥාතීන් ද අවාසනාවත්ත තත්ත්වයටකට මුහුණ දී සිටිති.
රොයිටර්