ඔලිම්පික් අමුත්තන්ට චීන ජනපතිගෙන් සාදයක්


චීනයේ බෙයිජීං අගනුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වන රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් වෙනුවෙන් විශේෂ සාදයක් පැවැත්වීය.

'කොවිඩ් 19' නිසා චීනයෙන් බැහැරව නොගිය ජනාධිපති ෂී ජින්පින් මෙසේ ලෝක නායකයන් බොහෝ දෙනකු මුහුණට මුහුණ හමුවූයේ වසර දෙකකට පසුවය.

චීනයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කීපයක් මෙවර ශීත ඔලිම්පික් උළෙල රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් වර්ජනය කඑ තිබේ. එම රටවලින් චීනය බලා පැමිණ ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණි.

ඔලිම්පික් උළෙලට සහභාගී වෙමින්, චීන ජනාධිපතිවරයාගේ විශේෂ භෝජන සංග්‍රහයට එක් වුණු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් චීන හිතවාදීන් ලෙස සැලකෙයි. සාදය පැවැත්වීම සිදුවූයේ බෙයිජීං අගනුවර දැවැන්ත මහජන ශාලාවේය.

(එන්.ඩී.ටීවී.)