හොලිවුඩ් නිළියක ලෙසත්, ග්‍රැමී සම්මානලාභී ගායිකාවක ලෙසත් ලොව කාගෝත් ආදරය දිනූ ඔලිවියා නිව්ටන් ජෝන් දිවියෙන් සමුගත්තාය.
වසර 30 කට වැඩි කාලයක්, පියයුරු පිළිකාවකින් පීඩා විදි ඇය මියයද්දී 73 හැවිරිදි වියෙහි පසුවූවාය. ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි නිවසේ දී ඔලිවියා නිව්ටන් ජෝන් සිය දිවි ගමනට සමුදුන් බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.
ඔලිවියා නිව්ටන් ජෝන් උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඇය ගායන ලොව ජයගත්තේ ඕස්ට්‍රේලියානු ගායිකාවක ලෙසය. ඔලිවියා නිව්ටන් ජෝන් ප්‍රසංගයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔලිවියා නිව්ටන් ලොව කාගේත් අවධානයට ලක් වූයේ ‘ග්‍රීස්’ සංගීතමය චිත්‍රපටයේ නළු ජෝන් ට්‍රැවොල්ටාගේ පෙම්වති ‘සැන්ඩි’ගේ චරිතයට පණ පොවමිනි.
‘ග්‍රීස්’ යනු 1978 වසරේ තිරගත වුණු සදා අමරණීය සංගීතමය හොලිවුඩ් සිනමාපටයකි.
ඔලිවියා දෙවරක් විවාහ වූවායග ඇගේ පළමු සැමියා ඇමෙරිකන් නළු මැට් ලැටෙන්සි ය.
ලැටෙන්සි මියගියේ 1995 දීය. 2008 දී ඔලිවියා යළි විවාහ වූයේ සිනමා නිෂ්පාදක ජොන් එස්ටලිංග් සමඟය. ඔලිවියාට එක් දියණියක සිටී.
(අල් ජසීරා)