ඔස්කාර් සිනමා සම්මාන උළෙල අද


94 වෙනි ඇකඩමි සම්මාන උළෙල අද (27) ඇමෙරිකා එක්සත් ජනපදයේ, ලොස් ඇන්ජලිස් හි ඩොල්බි චිත්‍රාගාරයේ දී අද (27)  පැවැත්වීමට නියමිතය.

ඇකඩමි සම්මාන උළෙල එසේත් නැතිනම් ඔස්කාර් සම්මාන උළෙල ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් තුන්දෙනෙක් විසින් එකම අවස්ථාවකදි මෙහෙයවනු ලැබීම අද දිනයේ සිදුවනු ඇතැයි පැවැසෙයි.
1929 මැයි 16 දින ඔස්කාර් සම්මාන උළෙල ආරම්භ වූ අතර මෙතෙක් එකවර කාන්තාවන් තුන්දෙනෙකු විසින් සම්මාන උළෙල මෙහෙයවනු ලැබ නැත.

ඔස්කාර් සම්මාන උළෙල ලෙස ප්‍රසිද්ධ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ 1931 වසරේදී මාග්‍රට් හෙරික් මහත්මිය විසින් සම්මාන උළලේදී ප්‍රධානය කරනු ලබන සම්මානයක් දැක එහි මුහුණ දුටු විට තමන්ගේ  ඔස්කාර් නැමැති මාමා මතක් වෙන බව ප්‍රකාශ කිරීම බව පැවැසෙයි.

මෙවර ඔස්කාර් සම්මාන උළලේදී පවර් ඔෆ් ද ඩෝග්, වෙස්ට් සයිඩ් ස්ටෝරි, කිංග් රිචර්ඩ්, බෙල් ෆාස්ට්, ඩූන් ආදී චිත්‍රපට නිර්දේශ රාශියක් සඳහා යොමු කර තිබේ.

(රොයිටර්)