ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකරයේ ස්ථාන දෙකක සිදුවූ හිම කඳු කඩාවැටීම්වලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සල්ස්බර්ග් සිට කිලෝමීටර් 80 පමණ ගිනිකොණ දෙසින් පිහිටි කඳුකර ඩච්ස්ටයින් කලාපයේ හිම කඳු කඩාවැටීමකින් චෙක් ජාතිකයන් පස්දෙනෙකු දී මියගොස් තිබේ.
අනෙක් හිම කඩාවැටීම දකුණු කැරින්ටියා කලාපයට බලපෑ අතර, එයින් 33 හැවිරිදි පොලිස් නිලධාරියෙක් මිය ගියේය. ඔහු පුහුණු අභ්‍යාසයකට සහභාගී වෙමින් සිටි අයෙකු බව වාර්තා වේ.
ඩච්ස්ටයින් කඳු වැටියේ හිම කඳු කඩාවැටීමවලින් විපතට පත් පුද්ගලයන් බේරාගැනීම සඳහා හෙලිකොප්ටර් 7 කින් සහන සේවකයින් 100දෙනෙකු පමණ යැවූ බව කඳුකර ගලවා ගැනීමේ කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානී හෙරිබට් අයිස්ල් මහතා පැවසීය.
"ඩච්ස්ටයින්හි උතුරු පැත්තේ ඇතුළුවීමේ ස්ථානය ආසන්නයේ දී හිම කඳු කඩාවැටී තිබෙනවා. අපි අපගේ සියලු කාර්ය මණ්ඩලය මුදවා ගැනීම සඳහා යැවූ නමුත් අවාසනාවකට සතුටුදායක ආරංචියක් ලැබුණේ නැහැ" යැයි අයිස්ල් මහතා පැවසීය.
(බීබීසී ඇසුරිණි - 085)