විදෙස් සංචාරකයන් සඳහා ලබන 21 වැනිදා සිට දේශසීමා විවෘත කරන බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඊයේ (7) පැවැසීය.
ඕස්ට්‍රේලියාව විදේශීය සංචාරකයන් සඳහා මෙසේ එරට දේශසීමා විවෘත කරන්නේ වසර දෙකකට පසුවය.
“අප ඕස්ට්‍රේලියා දේශසීමා විදේශිකයන්ට වසා දමා වසර දෙකක් ගතවුණා. ලබන පෙබරවාරි 21 වැනිදා සිට පළමු සහ දෙවැනි එන්නත් ලබා සිටින ඕනෑම අයකුට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව, ඕස්ටේ්‍රලියාවට පැමිණෙන්න අවසර ලැබෙනවා.” යැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවැසුවේ ජාතික ආරක්ෂාව සහ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැති විශේෂ කැබිනට් හමුව අතරතුරේදීය.
‘කොවිඩ් 19’ ගෝලීය වසංගතය හමුවේ ඕස්ට්‍රේලියාව සිය දේශසීමා වසා දැමීම කළේ 2020 මාර්තු මාසයේය.
එදා සිට මේ දක්වා ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබුණේ විශේෂ අවසරයක් හිමිවුණු පුද්ගලයන්ට පමණි.
එසේ අවසර ලැබුණේ ඕස්ට්‍රේලියා පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට මෙන්ම අධ්‍යාපන වීසා පවතින විදේශීය සිසුන් ඇතුලු සීමිත පිරිසකට පමණි.
(රොයිටර්)