ඔස්ටේ‍්‍රලියා අගමැති පොඩ්ඩෙක් ‘යට කරලා’


ඔස්ටේ‍්‍රලියා මහ මැතිවරණය ලබන 21 වැනිදා පැවැත්වෙයි. වත්මන් අග්‍රාමාත්‍ය ලිබරල් පක්ෂ නායක අග්‍රාමාත්‍ය මොරිසන් ද ඊට සහභාගී වෙයි. පසුගියදා මොරිසන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළිණි.

ටැස්මේනියාවේ මැතිවරණ කටයුතු සඳහා ගිය මොරිසන් ඩෙවන්පෝට් නගරයේ පාසල් ක්‍රීඩා සමාජ අතරේ, අවුරුදු අටෙන් පහළ දරුවන්ගේ පාපන්දු සුහදශීලී ක්‍රීඩා උළෙලකට ද මොරිසන් සහභාගී විය.

එම දරුවන් සහ අග්‍රාමාත්‍ය ජොන්සන් අතරේ ද පා පන්දු තරගයක් පැවැත්විණි. අග්‍රාමාත්‍යවරයා ගෝලයක් ද වාර්තා කළේය. එයින් උද්දාමයට පත් වුණු ඔහු තවත් ක්‍රියාශීලීව ක්‍රීඩා කරන්න වූ අස්ථාවේදී, එක් දරුවකු ද පෙරළා ගනිමින් බිම පතිත විය. වාසනාවකට ලූකා ෆොවේත් නැමැති එම දරුවාට කිසිදු අනතුරක් සිදු නොවිණි.

වීඩියෝ දසුන් සහ ඡයාරූප ද සමග මෙම පුවත වාර්තා කළේ ‘ද ගාඩියන්‘ වෙබ් අඩවියයි.

(ද ගාඩියන් ඇසුරිනි)