බ්‍රිතාන්‍ය සිනමා සහ රූපවාහිනී සම්මාන උලෙළ හෙවත් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල ලන්ඩන් නුවර රෝයල් ෆෙස්ටිවල් රඟහලේ පැවැත්විණි.
මෙවර සම්මාන උළෙලේ ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය, හොඳම චිත්‍රපටයට අමතරව, ප්‍රධාන සම්මාන රැසක් දිනා ගත්තේය.
හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටයේ පරමාණු බෝම්බය නිපදවූ ඕපන්හයිමර්ගේ චරිතය රඟ දැක්වූ කිලියන් මර්ෆිය.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.
හොඳම සහාය නළුවා ලෙස සම්මානය දිනුවේ ‘ඕසපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් එහි රංගනයෙන් දායක වූ ජනප්‍රිය නළු රොබට් ඩවුනි ජූනියර්ය.
හොඳම සංස්කරණය, සංගීතය ඇතුළු තවත් සම්මාන රැසක් ද ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය දිනාගත්තේය.
‘බෙෆ්ටා’ සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 77 වැනි වරටය.
සම්මාන උළෙලේ හොඳම නිළිය බවට පත්වූයේ ‘පුවර් තිංග්ස්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ එමා ස්ටෝන්ය. හොඳම සහාය නිළිය වූයේ ‘ද හෝල්ඩෝවර්ස්’ චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු ඩාවීන් ජෝයි රැන්ඩොල්ෆ්ය.