ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවී ඇතැයි අනාවරණය වීමත් සමඟ ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම අනාවරණය සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක වන බ්‍රිටනි හිගින්ස් ය.
බ්‍රිටනි හිගින්ස් චෝදනා කර ඇත්තේ ඕස්ට්‍රේලියා අමාත්‍යවරයකු සිය කාර්යාලයේ දී තමන්ට ලිංගික හිරිහැර කළ බවය. බ්‍රිටනි හිගින්ස්ගේ අනාවරණයත් සමඟ පාර්ලිමේන්තුවේ එසේ ලිංගික හිරිහැරවලට ලක්වුණු සේවිකාවන් ඉදිරිපත් වී ඔවුන්ට සිදුවුණු අසාධාරණකම් අනාවරණය කර ඇත.
මේ වනවිට එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර, එම විමර්ශනයට අදාල වාර්තාවක් එළිදක්වා තිබේ. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට, පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයින්ගෙන් තුන්දෙනකුගෙන් එක් අයකු ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වී සිටී.
එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.
(රොයිටර්)