වයස අවුරුදු 11 ට අඩු දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සඳහා තවමත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිව නොමැති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා කියා සිටී.
මෙම වයස් කාණ්ඩයේ දරුවන් සඳහා කොවිඩ් වෛරසය බලපාන ආකාරය වෙනස් මට්ටමක පවතින බව පර්යේෂණවලින් තහවුරු වී ඇති බැවින් ඔවුන්ට එන්නත් ලබාදීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව ඔස්ට්‍රේලියා අගමැතිවරයා පෙන්වා දේ.
නිරෝගී කුඩා දරුවන්ට වෛරසය ආසාදනය වීමේ හැකියාව අඩු බවත්, ආසාදිත කුඩා දරුවන්ගෙන් වැඩිහිටියන්ට වෛරසය පැතිරීම ඉතා අවම මට්ටමක තිබෙන බවත් පර්යේෂකයන් සදහන් කරති. මේ නිසා බොහෝ රටවල් තවමත් ළමුන්ට එන්නත් ලබාදීමට නිර්දේශ කර නොමැත.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කරන බවත්, ළමුන්ට එන්නත් ලබාදිය යුතු බවට වෛද්‍ය නිර්දේශ ලද වහාම කඩිනමින් එන්නත්කරණය සිදු කිරීමට සූදානම් බවත් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කරයි.
(ගාඩියන්)