කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට පනවා ඇති අගුළු දැමීමේ සීමා තවදුරටත් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
ඒ අනුව නගරයේ අගුළු දැමීමේ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කර තිබේ.නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් තවමත් දක්නට නොලැබීම ඊට හේතුව බව බලධාරීහු පවසති.
වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් මහතා පැවසුවේ ලබන 28 වැනිදා දක්වා අගුලුදැමීමේ සීමා සුළු ලිහිල් කිරීමක් සහිතව ක්‍රියාත්මක බවයි.
ඕස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය පැතිරයාමේ දෙවැනි රැල්ලේ මූලස්ථානය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වී ඇත.
ඒ අනුව වෛරසය හේතුවෙන් එරටින් වාර්තා වන මරණ 753 න් 90% සංඛ්‍යාවක් වාර්තා වන්නේ මෙම ප්‍රාන්තයෙනි.මේ වන විට එරටින් වාර්තා වන සමස්ත ආසාදියින් සංඛ්‍යාව 26,000 කට අධිකය.
මීට පෙර මෙල්බන් නගරයට පැනවූ අගුලුදැමීමේ සීමා ලබන 13 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.
(226)
(බීබීසී ඇසුරෙනි)