ඕස්ට්‍රේලියාවේ බටහිර පිල්බරා ක්ලාපයේ යපස් ව්‍යාපෘතියක් සිදුකිරීමේ දී වසර 46 000 ක් පමණ පැරණි ආදිවාසී ගුහා සමූහයක් විනාශ වී ඇත.
ජුකාන් ගෝර්ජ් නම් ගුහා සමූහයක් මෙලෙස විනාශ වී ඇති අතර මේ සම්බන්දව ව්‍යාපෘතිය සිදුකළ රියෝ ටින්ටෝ සමාගම ප්‍රදේශයේ වෙසෙන ආදිවාසී ජනතාවගෙන් සමාව අයැද තිබේ.
මෙම පෞරාණික ස්ථානයෙන් ප්‍රාග් ඓතිහාසික පුරා වස්තු විශාල ප්‍රමාණයක් ද හමුවී තිබිණ.
එහි තිබී මිනිස් හිසකෙස් වලින් සාදන ලද පටියක් ද සොයාගත් අතර සිදුකරන ලද විශ්ලේෂණ මගින් තහවුරු කරගෙන ඇත්තේ ගුහා වාසීන් හා දැනට ප්‍රදේශයේ ජීවත් වන ආදිවාසීන් අතර අවුරුදු 4000ක පමණ දුරකට විහිදෙන සබඳතා තිබී ඇති බවයි.
ආදිවාසී නියෝජිත ජෝන් ඇෂ්බර්ටන් පැවසූයේ භූමිය අහිමි වීම දැවැන්ත පාඩුවක් බවයි. "ඕස්ට්‍රේලියාවේ මෙතරම් පැරණි ගුහා තිබෙන්නේ ඉතා සීමිත සංඛ්‍යාවක්.
එහි වැදගත්කම අවතක්සේරු කළ නොහැකියි. මෙම පාෂාණ ගුහා විනාශ වීම සම්බන්දව අපගේ ජනතාව දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා. අපගේ මුතුන් මිත්තන්ට සහ භූමියට ඇති සම්බන්දය නැතිවීම ගැන ඔවුන් දුක් වෙනවා." යැයි ඔහු පැවසීය.
"අප විසින් ඇති කරන ලද පීඩාව ගැන අපට කණගාටුයි, පුතු කුනුති කුරුමා සහ පිනිකුරා ජනතාව වෙත අපගේ ගෞරවය පුද කරන්නෙමු. ඔවුන් සමග සහයෝගයෙන් දිගටම කටයුතු කිරීමටත් අපගේ සැලසුම් සමාලෝචනය කිරීමටත් කටයුතු කරමු."
යැයි එහිදී අදහස් දක්වමින් සමාගමේ ප්‍රධාන විධායක ක්‍රිස් සාලිසිබරි පවසා ඇත.
ආදිවාසියෙකු ද වන ඕස්ට්‍රේලියානු ස්වදේශික කටයුතු අමාත්‍ය කෙන් වියාට් පැවසූයේ මෙය තේරුම්ගත නොහැකි දෙයක් බවයි. එය බරපතල වැරැද්දක් බවත් රජයේ නීති අසාර්ථක වී ඇති බවත් ඔහු පැවසීය.
(බීබීසී ඇසුරිණි - 085)
ඕස්ට්‍රේලියාවේ යපස් ව්‍යාපෘතියක් නිසා වසර 46 000ක් පැරණි ගුහා සමූහයක් විනාශ වෙයි
Recommended Articles