ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා-නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දේශ සීමා වහයි


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහලයෑමත් සමග වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අතර දේශ සීමාව වසා දැමීමට තීරණය කර තිබේ.

මෙම නියෝග බදාදා (08) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙය පූර්වාරක්ෂක පියවරයන්ගෙන් එකක් බවත් එමගින් වයිරසය පුළුල් ලෙස පැතිරීම පාලනය වනු ඇති බවත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ස්කොට් මොරිසන් පවසයි.කෙසේවුවද දේශ සීමාව නැවත විවෘත වන්නේ කවදාද යන්න ඔහු සඳහන් කලේ නැත.

වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරයෙන් පසුගිය සති දෙක තුළ සියගනනක් රෝගීන් වාර්තා වී ඇති අතර එය ඕස්ට්‍රේලියාවේ නව ආසාදන වලින් 95%කට වඩා වැඩි බව සඳහන් වේ.

සඳුදා (06) දිනයේ පමණක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව රෝගීන් 127 දෙනකු වාර්තා වී තිබිණ.

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන කටයුතු සඳහා යොදාගත් හෝටල් වල ආරකෂක භටයන් සහ අමුත්තන් නීති කඩකිරීම හා නොසැලකිලිමත් බව හේතුවෙන් ආසාදන ඉහල ගිය බව බලධාරීහු පවසති.
ආසාදිතයන්ගෙන් 80%කට වැඩි පිරිසක් ප්‍රජාව අතරින් වාර්තා වී තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)