ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි තත්ත්වයක්


ඕස්ට්‍රේලියාවේ සත්ත්ව විශේෂ 113 කට හදිසි උපකාර අවශ්‍ය වී ඇතැයි විශේෂඥ කමිටුවක් පෙන්වා දෙයි.

ලැව්ගිනි හේතුවෙන් සත්ත්ව ගහනය සහ වාසස්ථාන විනාශ වීම මෙම තත්ත්වයට බලපා ඇත.

කුරුළු විශේෂ 13 ක් උරග විශේෂ 20 ක් අපෘෂ්ඨවංශී විශේෂ 5 ක් ක්ෂීරපායී විශේෂ 19 ක් මත්ස්‍ය විශේෂ 17 ක් සහ පොකිරිස්සන් විශේෂ 22 ක් මේ අතර වෙයි. 

මෙසේ ලැයිස්තු ගතකර ඇති සත්ත්ව විශේෂවල සංඛ්‍යාවෙන් 30% කට පමණ ලැව්ගිනි හේතුවෙන් වාසස්ථාන අහිමි වී තිබේ. 

ලැව්ගිනිවලට ලක්ව සතුන් බිලියනයකට අධික සංඛ්‍යාවක් මියගිය බවට ගණන් බලා ඇත. 

සත්ත්ව සංරක්ෂණ කටයුතු වෙනුවෙන් පසුගිය මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 33 ක් අවශ්‍ය වූ බව ඕස්ට්‍රේලියානු රජය පැවසීය.

 

-226-

(බීබීසී ඇසුරෙනි)