ඕස්ට්‍රේලියාවේ විශේෂ බලකායක සෙබලුන් පිරිසක් විසින් නිරායුධ සිරකරුවන් සහ සිවිල් වැසියන් 39දෙනකු ඇෆ්ගනිස්ථානයේදී ඝාතනය කළ බවට විශේෂ විමර්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වේ.
මොවුන් 39දෙනා ඝාතනය කිරීමේ චෝදනාව මත මේ වනවිට සේවයේ නියුතු සහ හිටපු සොල්දාදුවන් 19 දෙනකුට අපරාධ චෝදනා ගොනු කරන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කරයි.
2009 වසරේ සිට 2013 දක්වා කාලයේදී ඇෆ්ගනිස්ථාන යුද්ධය පැවති සමයේ මෙම ඝාතන සිදුකර ඇතැයි පැවසේ.
ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය විසින් අවුරුදු හතරක් පුරා සිදුකරන ලද පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙම පරීක්ෂණය මෙහෙයවන ලද මේජර් ජනරාල් පෝල් බ්‍රෙරෙටන් විසින් සිද්ධිය සම්බන්දව සාක්ෂිකරුවන් 400කට වැඩි පිරිසක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ කනිෂ්ඨ සොල්දාදුවන්ට සිය ප්‍රථම ඝාතන අත්දැකීම ලබාගැනීම සඳහා සිරකරුවන් ඝාතනය කිරීමට නිලධාරීන් විසින් අණදී ඇති බවයි.
මේවා හිතාමතා සිදුකරන ලද යුධ අපරාධ බව මූලික විමර්ෂණ සිදුකළ විශේෂඥ සමන්තා ක්‍රොම්ප්වෝට්ස් පවසයි.
මෙම සිදුවීම් කිසිවක් යුද්ධයට සම්බන්ද ඒවා නොවන බවද පැහැදිලි වී ඇතැයි ඔවුහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)