කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක්


 

 

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා බලය අල්ලා ගත් විපක්ෂය පිහිටුවා ඇති නව අන්තර්වාර රජය, කටාර් රාජ්‍යය සමඟ යහපත් සබඳතා ආරම්භ කරමින්, කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක් ද පිහිටුවා ඇත.

බටහිර හිතවාදී විපක්ෂයට, කටාර්යේ සහාය ලැබුණු බැවින්, ගතවුණු වසර 13 ක කාලයේ සිරියානු ජනපති අසාද්ගේ රජයත්, කටාර් රාජ්‍යයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වූයේ නැත.

තුර්කිය ද සිරියානු විපක්ෂයට සහාය දෙන අතර, අසාද් පාලනය පෙරළා දැමීමට විශාල දායකත්වයක් ද ලබා දුන්නේය. නව අන්තර්වාර පාලනය යටතේ සිරියාවේ පළමු විදෙස් තානාපති කාර්යාලය ලෙස පිහිටුවනු ලැබුවේ තුර්කි තානාපති කාර්යාලයයි.