කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළට


දිනක් ඇතුළත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 238 සිට 262 දක්වා ඉහළ ගොස් ඇතැයි කටාර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද (11) නිවේදනය කළේය.

එක් වර ප්‍රජාවකට ආසාදනය වීමේ ප්‍රතිඵලයක් ලෙස කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මෙලෙස එක්වර යන්නට ඇතැයි ද කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීය.

කටාර් රාජ්‍යයෙන් මෙතෙක් කිසිඳු කොරෝනා මරණයක් වාර්තා වී නොමැති නමුත් සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටත් මහජනතාව එක්රැස් වන උත්සව හා ඉසව් යනාදිය අවලංගු කිරීමට බලධාරීහු පියවර ගෙන ඇත.

‘මොටෝජීපී’ තරගාවලිය අවලංගු කිරීමටත් රටවල් 14 කින් පැමිණෙන සංචාරකයන්ට රටට ඇතුළු වීම තහනම් කිරීමට කටාර් බලධාරීහු ඉකුත් දා පියවර ගත්හ.

ඒ.එෆ්.පී.

055