කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් 100,000 පනී


කටාර් රාජ්‍යයේ තහවුරු කරන ලද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබේ.

කෙසේ වුවද සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇති බවයි.

මැයි මස අග භාගයේදී දිනකට රෝගීන් 2,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වනවිට එය දිනකට රෝගීන් 500 පමණ දක්වා අඩුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ වනවිට කටාර් රාට්‍යයේ කොරෝනා රෝගය හේතුවෙන් මරණයට පත්වී ඇති මුළු සංඛ්‍යාව 133කි.

කටාර්හි අධික ජනගහනයක් වෙසෙන අඩු ආදායම්ලාභී සංක්‍රමණික කම්කරුවන් අතර කොරෝනා වේගයෙන් ව්‍යාප්ත විය.

කොරෝනා හේතුවෙන් කටාර්හි පනවන ලද ඇඳිරි නීතිය ජුනි 15 සිට අදියර හතරකින් ඉවත් කිරීම ආරම්භ විය.

එහි දෙවන අදියර ජූලි 01 වැනිදා ආරම්භ වූ අතර අවන්හල්, වෙරළ සහ උද්‍යාන නැවත විවෘත කෙරිණ.

රටවල් හයකින් යුත් ගල්ෆ් සහයෝගීතා කළාපයේ දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කර ඇත්තේ කටාර් රාජ්‍යයේ වන අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ සෞදි අරාබියෙනි.

සෞදි අරාබියේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 489,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 3,000ක් වාර්තා වී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)