කටාර් විදෙස් ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඉහළට


කටාර් රාජ්‍යයේ සේවය කරන සියලුම සේවකයින්ගේ අවම වැටුප රියාල් දහසක් දක්වා ඉහළ දමා ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය පවසයි.

එය මෙරට කටාර් තානාපති කාර්යාලය මගින් ද සහතික කර ඇත. මේ අනුව විදේශ ශ්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායක තීරණය කළ මැදපෙරදිග කලාපයේ ප්‍රථම රට කටාර් රාජ්‍ය වේ.

මෙම අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය කටාර් හි සේවය කරන සියලු ම විදේශ ශ්‍රමිකයන්ට බලපැවැත්වෙන අතර, ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන්ද ඊට ඇතුළත් වේ.