කතානායකයකු තෝරා ගන්න කළ උත්සාහය අසාර්ථකයි


ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ (කොංග්‍රස් මණ්ඩලය) නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතා නායකයකු පත් කර ගැනීමේ පළමු වරයේ ඡන්ද විමසුම පැවැත්වුණු නමුත් කතානායක ධුරයට සුදුසුස්සකු තෝරා ගැනීමට නොහැකි විය.

ඇමෙරිකන් ඉතිහාසයේ පළමු වටයේ ඡන්ද විමසුමින්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතා නායකයකු තෝරා පත් කර ගැනීමට නොහැකි වුණු පළමු අවස්ථාව මෙයයි.

පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේ මධ්‍ය ධුර කාල මැතිවරණයෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්‍රටික්වරුන්ට නොව, ප්‍රතිවාදීන් වන රිපබ්ලිකන්වරුන්ටය. ඒ අනුව, ඩිමොක්‍රටික් කතානායිකා නැන්සි පොලෝසි කතා නායක ධුරයෙන් ඉවත් වෙයි.

රිපබ්ලිකන්වරුන් නව කතානායකයා ලෙස එම ධුරයට නම් කර ඇත්තේ කෙවින් මැකාති ය. මැකාතිට කතා නායක ධුරයට පත්වීමට රිපබ්ලිකන්වරුන්ගේ පමණක් නොව, ඩිමොක්‍රටික්වරුන්ගේ ද මනාපය අවශ්‍ය වෙයි.

කෙසේ නමුත් පළමු වටයේ ඡන්ද විමසුමේදී කෙවින් මැකාති ට අවශ්‍ය සහාය හිමි වූයේ නැත. ඔහුට ඔහුගේ රිපබ්ලිකන්වරුන් පවා අකමැත්ත පළ කර තිබුණි.

කතා නායක ධුරයට පත් වීමට නම් මැකාති ට ඡන්ද 218 ක් අවශ්‍ය විය. කෙසේ නමුත් ඔහුට හිමි වූයේ ඡන්ද 203 ක් පමණක් යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය. රිපබ්ලිකන්වරුන් 19 දෙනකු මැකාතිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

(රොයිටර්)