කමලා හැරිස් යුක්රේන ජනපති හමුවක්


ඇමෙරිකා උප ජනාධිපති කමලා හැරිස් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සි අතරේ හමුවක් පැවැත්වීමට නියමිතය. ඒ, රුසියාව සහ යුක්රේනය අතර පවතින අර්බුදය සම්බන්ධයෙනි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ යුක්රේන රජයට සහ හමුදාවටය.

යුක්රේනය නේටෝ හිතවාදී රටක් වුවත් නේටෝ සාමාජිකයකු නොවෙයි. එහෙයින් ඇමෙරිකාවට සෘජුව හමුදා මැදිහත් වීමක් කළ නොහැකි වනු ඇත.

ඇමෙරිකාව පවසා ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට යළි හිස එසවීමට නොහැකි වන ආකාරයට ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කරන බවය.

(රොයිටර්)