කමලා හැරිස්ගේ සැමියා ‘කොවිඞ් 19’ ආසාදිතයෙක්


ඇමෙරිකක් උප ජනාධිපති කමලා හැරිස්ගේ සැමියා ඩග් එම්හොෆ් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇත. 

සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයක් හේතුවෙන්, වෛද්‍ය පරීක්ෂණයකට ඩග් එම්හොෆ් ලක් කළ බවත් එහිදී ඔහු ‘කොවිඞ් 19’ ආසාදිතයකු ලෙස හඳුනාගත් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සැමියා ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වුවත්, කමලා හැරිස් ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොවන බව ද වෛද්‍යවරුන් තහවුරු කරනු ලැබ ඇත.

(ඒ.එෆ්.පී.)