කමලා හැරිස්ට ආදාර ගලයි


ජෝ බයිඩන්, ඇමෙරිකන් ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වී, උප ජනාධිපතිනී කමලා හැරිස් ඒ සඳහා නම් කිරීමෙන් සතියක් ගතවෙද්දී, ඇමෙරිකන් ඩොලර් මිලියන 200 ක ආධාර මුදලක් එක් රැස් කිරීමට කමලා හැරිස් සමත් වී සිටී.

එම මුදල් ලබා දීමට ඉදිරිපත් වුණු ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන්ගෙන් සියයට 66 ක් අලුතින් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්වුණු සාමාජිකයන් වීම විශේෂත්වයකි.

ඇමෙරිකන් ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 100 කි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, නොවැම්බර් 5 වැනිදාය.