පාකිස්තානයේ කරච්චි නුවර සුපිරි වෙළෙද සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් 9ක් ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
ගින්න හටගත්තේ සුප්‍රසිද්ධ ආර්.ජී. සුපිරි වෙළෙද සංකීර්ණයේ යැයි ද පැවැසෙයි. ගින්නට හසුවුණු 50 දෙනකු මුදා ගැනීමට ගිනි නිවන භටයෝ සමත් වූහ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙයි.
(එන්.ඩී.ටීවී.)