ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය අහිමි විය. ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට සමත් වූයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස සැලකෙන, රාහුල් ගාන්ධිගේ ‘කොංග්‍රස්’ පක්ෂයට නතු විය.
ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 දී පැවැත්වෙන අතර, දිගටම බලයේ රැඳී සිටීමට හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අපේක්ෂා කරයි.
එවැනි තත්ත්වයක් යටතේ, දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ප්‍රාන්තයක් ලෙස සැලකෙන කර්ණාටක ප්‍රාන්තයේ බලය අහිමි වීම භාරතීය ජනතා පක්ෂය ලැබූ පසුබෑමක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.
කර්ණාටක ප්‍රාන්තයේ ජනගහනය මිලියන 60 කි. පසුගිය 10 වැනිදා මැතිවරණය පැවැත්වූයේ ආසන 224 ක් සමන්විත කර්ණාටක මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගැනීමේ අරමුණින්ය. ඊයේ (13) මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය ආසන 114 ක් දිනාගෙන සිටියේය.ෙ
මාස හයක කාලයක් ඇතුළත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ලැබූ දෙවැනි පරාජය මෙය යැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බරයේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණු අතර එයින් ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පරාජය අත්විය.
(රොයිටර්)