ක්‍රිමියා අර්ධද්වීපය කෙසේ හෝ යළි අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාපධිති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රතිඥාවක් දුන්නේය.
ක්‍රිමියා අර්ධද්වීපය යුක්රේනයට අයත් භූමි ප්‍රදේශයක් වන නමුත් 2014 වසරේ සිට එය රුසියාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබ සිටී. ක්‍රිමියා අර්ධ ද්වීපයේ මිලියන 2.4 ක් ජීවත් වන අතර, ඔවුන්ගෙන් වැඩි දෙනකු සහාය පළ කරන්නේ රුසියානු රජයටය.
ක්‍රිමියා අර්ධද්වීය කෙසේ හෝ යළි යුක්රේනයේ කොටසක් කර ගැනීමට සැලැසුම් සකස් කරමින් සිටින බවත්, බටහිර රටවල උපදෙස් අනුව එය සිදුවනු ඇති බවත් ජනාපධිති සෙලෙන්ස්කී පැවැසීය.
මේ අතර, රුසියාවත් යුක්රේනයත් අතර පවතින ගැටුම් මුල්කොට ගනිමින්, ඇමෙරිකාව, යුක්රේනයේ ඇමෙරිකන් තානාපති කාර්යාල නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමෙරිකාව යුක්රේන තානාපති කාර්යාල නිලධාරීන්ට අනතුරු අඟවා ඇත්තේ හැකි ඉක්මනින් තානාපති කාර්යාලයෙන් ඉවත් වන ලෙසය.
(ඒ.එෆ්.පී.)