කාන්තාවන්ට රියදුරු බලපත්‍ර දෙන්න එපා


ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සඳහා රියදුරු බලපත්‍ර ලබා නොදෙන ලෙස තලේබාන් රජය එරට හේරත් නගරයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කර තිබේ.

ඇෆ්ගන් කාන්තා රියදුරන් වැඩි පිරිසක් සිටින්නේ හේරත් නගරයේය. “කාන්තාවන්ට රිය පුහුණුවීම් සිදු කිරීම පමණක් නොව, ඔවුන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නවත්වන්නැයි තලේබාන් රජය අපට දන්වා තිබෙනවා.” යැයි හේරත් නගරයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජැන් අකාසායි පවසා තිබේ.

හේරත් නගරයේ රියදුරු පුහුණු පාසල් පවත්වාගෙන යන්නේ, නගරයේ මෝටර් රථ දෙපාර්තමේන්තුව යටතේය.

(රොයිටර්)